බුත්තලදී කොතල හිඹුටු අල්ලයි


ඔක්කම්පිටිය කනත්ත මංකඩදී  කොතල හිඹුටු කිලෝ හත්සිය පනහක් රැගෙන ගිය බර කර කරත්තයක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

කොතල හිඹුටු වල වටිනාකම රුපියල් පනස් දහස ඉක්මවයි.

විශේෂ කාර්ය බලකායේ බුත්තල කඳවුර මේ වැටලීම සිදු කළේය.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුර මීගමුවේ කටුවාපිටිය පාරේ දී කේරළ ගංජා කිලෝ පහක් සමග යතුරු පැදිකරුවකු අත්අඩංගුවට ගෙන මීගමුව පොලීසියට බාර දී ඇත.

455 456