උදෑසන හයේ සිට රාත්‍රී හය හත දක්වා කතරගම බුත්තල මාර්ගය බදු ගත් දෙදෙනෙක් සිටිති.ඒ දෙන්නා චණ්ඩියන් බව කියති.ගණන් කාරයන් බවද සමහරු කියති.දෙන්නාම අලියෝය.“හිඟන අලි“,“බැරියර් අලි“ යනුවෙන් වාහන රියදුරෝ විවිධ නම් පට බඳිති.
කතරගම ගොස් එන වාහන වල පළතුරු ඇති නිසාත් මගදිගට පළතුරු විකුණන වෙළෙන්දන් නිසාත් පළතුරු කෑමට මේ දෙන්නාද පුරුදු වී සිටිති.කෑමට යමක් දෙනතුරු පාරෙන් ඉවත් නොවෙති.ඇතැම් වාහන බොහෝ වේලා නවත්වාගෙන සිටියි.