බුකිකරුවන්ට අසුවූ ක්‍රීඩකයන් දෙදෙනකු ගෙදර යවති


ඩුබායිහිදී පැවැත්වෙන පාකිස්තානු සුපිරි ක්‍රිකට් ලීග් තරගාවලියේදී බුකි කිරුවන්ගේ උවමනාවට කටයුතු කළේ යයි සැකපිට ප්‍රධානතම ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකු ගෙදර යැවීමට පාකිස්තානු ක්‍රිකට් බලධාරීහු සිකුරාදා (10) පියවර ගත්හ. ඉස්ලාමාබාද් යුනයිටඞ් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් දෙදෙනකු වන කාලිඞ් ලතීෆ් සහ සර්ජිල් ඛාන් මෙලෙස කණ්ඩායමෙන් ඉවත් කර ගෙදර යවා තිබේ.
 
සර්ජිල් ඛාන් පාකිස්තානු ටෙස්ට් පිල නියෝජනය කළ ක්‍රීඩකයකු වන අතර කාලිඞ් ලතීෆ් පාකිස්තානය වෙනුවෙන් එක්දින සහ විස්සයි:20 තරග වලට ක්‍රීඩා කර තිබේ.
මෙම ක්‍රීඩකයන් දෙදෙනාටම තාවකාලික තරග තහනමක් පනවා ඇති අතර බුකි කරුවන්ගේ උවමනා එපාකම් මත ක්‍රීඩා කළ තවත් ක්‍රීඩකයන් ඉදිරියේදී හමුවිය හැකි යයි පාකිස්තානු ක්‍රිකට් සභාපති ශාරියාර් ඛාන් මහතා කියයි.
 
අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් පාකිස්තානයට ගෙන්වාගත නොහැකි බැවින් මෙම තරගාවලිය ඩුබායිහිදී පැවැත්වෙයි.
 
සම්පූර්ණ වාර්තාව ස‍ඳහා වෙත http://sinhala.wisdensrilanka.lk/  පිවිසෙන්න