බුං මැඩියේ නාද රටා : ගොවියන් එකමුතු කෙරුවා


ගොවිතැන් භාණ්ඩ ආරක්ෂා කරමින් ගොයම් කපන්නට වර්තමානයේ පණිවිඩ හුවමාරු ක්‍රම ඇති වුවත් අතිතයේදි බුම් මැඩිය යොදා එය නාද කිරිමෙන් ගොයම් කැපුමට ගොවි මහතුන් එක්කර ගන්නා සැටි යටිනුවර දන්තුරේ පදිංචි එච්.එම් ප්‍රේමවර්ධන (මාරහෙල වෙද මහතා)පවසයි.

මෙරටට ආවේනික දේශිය පැරණි වි වර්ග පනහක් හැටක් පමනද මෙරටට ආවේනික දේශිය අල වර්ග කෑමට සුදුසු අල වර්ග 64ක් ද කෑමට නුසුදුසු ඖෂධීය අල වගර්ග රැසක් ද දැනට ඔහුගේ බීජ බැංකුවේ ඇත. මා වී, කළු හීනටි, සුදු හීනටි, වැනි දුර්ලබ ගනයේ පැරණි වී වර්ග  50කට අධික ප්‍රමාණයක් සංරක්ෂණය කර ඇත. එම වගාවන් සදහා එළු බෙටි, ගොම, ජපන් ජබර සහ පිදුරු උපයෝගී කරගනිමින්  ඔහු විසින් ම සාදා ගන්නා කාබනික පොහොර යොදා ගන්නා බව ඔහු පවසයි. දේශිය පැරණි වි වර්ග 1483 ක නාම ලේඛනයක්ද වසර දෙසියකට වඩා පැරණි ගොවි උපකරණද මාර හෙල වෙද මහත්තයා සතුව ඇති බව ඔහු පවසයි. ‘ඒ සංරක්ෂණය කරපු බුං මැඩිය ගහල තමා රතුපලස දිගේ වත්මන් ජනාධිපතිතුමා කෘෂිකර්ම ඇමති වෙලා ඉද්දි හිටපු ජනපති තුමාව අපි වවමු රට නගමු වැඩ සටහනේ මුල්ම උත්සවයෙදි මේ බුං මැඩිය ගහල තමා එක්කගෙන ආවෙ ‘ යැයිද පැවසිය.