බීලා බස් එළවා රියදුරු බලපත අහිමිකරගනී


බීමත්ව කොළඹ - මාතර පෞද්ගලික බස් රියක් පැදවූ අම්බලන්තොට දුලිප් ලක්ෂිත සුවඳරත්නගේ (30) රියදුරු බලපත්‍රය තහනම් කළ කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය ඔහුට රුපියල් 7500ක දඩයක් ද පැනවූවාය.