බීලා පැදවූ හිටපු පොඑපෙ ප්‍රා. මන්ත්‍රී මාස දෙකක් හිරේ


බීමතින් යතුරු පැදියක් ධාවනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වු පොදුජන පෙරමුණේ ගඟ ඉහළ කෝරළේ ප්‍රාෙද්ශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුට මාස දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ ගම්පොල මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා රුපියල් 75,000/- ක දඩයකටද ඔහු යටත් කළේය.

2018 වසරේ සිටම වරින් වර උසාවිය මඟ හැරීම නිසා වරෙන්තු නිකුත් වී සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුට මෙලෙස දඬුවම් නියම විය.

මෙලෙස දඬුවම් නියම වුයේ ගම්පොල උඩපලාත ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්පොල වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයා වශයෙන් කටයුතු කළ පොදුජන පෙරමුණේ ගඟ ඉහළ කෝරළේ ප්‍රා දේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වු ගම්පොල නුවර පාරේ අංක 12 පදිංචි මෙරිඤ්ඤගේ මංගල පුෂ්පකුමාර ප්‍රනාන්දු නැමත්තාටය.

2018 සැප්තැම්බර් 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ගම්පොළදී රියදුරු බලපත්‍රය, ආදායම් බලපත්‍රය රක්ෂණ සහතිකයක් නොමැතිව බීමතින් යතුරු පැදියක් පැදවීමේ චෝදනා මත ගම්පොළ පොලිසිය විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණී.

2018 වසරේදී විත්තිකරුට එරෙහිව නඩු පැවරූ විට විත්තිකාර මංගල පුෂ්පකුමාර ප්‍රනාන්දු නැමත්තා අදාළ චෝදනාවන්ට තමන් නිවැරදිකරු බව පැවසීම හේතූවෙන් නඩු විභාගය ආරම්භ කරන ලදී.

නඩු විභාගය අතරතුර විත්තිකරු අධිකරණයය මඟහැරීම හේතූවෙන් ඔහු අත්අඩංගුවට ගෙනන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කියම කරමින් අවස්ථා කිහිපයකදීම වරෙන්තු නිකුත් කළ අතර නඩු විභාගය වසර 05ක කාලයක් පුරා පැවැත්වීමට සිදුවිය.

මේ සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදී සමෘර්ධි නියාමකවරුන් සඳහා රජයෙන් ලබාදී තිබු මෙම යතුරුපැදිය සඳහා ආදායම් බලපත්රාය” රක්ෂණ සහතිකය මෙන්ම විත්තිකරුගේ රියදුරු බලපත්ර යද නොමැතිව ඔහු බීමතින් යතුරු පැදිය පැදවා ඇති බව මෙන්ම විත්තිකරුට මේ දක්වාම රියදුරු බලපත්රේයද නොමැති බවද අනාවරණය විය.
දීර්ඝ නඩු විභාගය අවසානයේදී අදාළ චෝදනාවන්ට විත්තිකරු වරදකරු බව තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා අදාළ දඬුවම් පැනවීය.

විත්තිකරු බන්ධනාගාර ගත කරමින් දඬුවම් නියම කොට ඇති බව ඇසු ගම්පොල, ඇත්ගාල ,ජයමාලපුර ආදී ප්‍රෙද්ශ වල ජනතාව රතිඤ්ඤා දල්වමින් සතුටු වූ බව වාර්තා විය.