යහළුවෙකුගේ නිවසකට ගොස් මත්පැන් පානයකර වෙරිවී නැවත තම වාසස්ථානය කරා එන අතරමගදී මිලානෝ ප්‍රධාන දුම්රියපොළ ආසන්නයේ රාත්‍රි දෙකට පමණ විසිදෙහැවිරිදි ඉතාලි ජාතික තරුණියකට බලහත්කාරකමක් කිරිමට තැත්කළැයි කියන විසිතුන්හැවිරිදි ලාංකිකයෙක් ඉතාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඉතාලිජාතික තරුණියගේ නිවස පිහිටි මහල්ගොඩනැගිල්ලේ දොරටුව අසලදී ඇය බිමට තල්ලුකර ඇඳුම් ගැලවිමට තැත්කරද්දී තරුණියගේ කෑගැසිම ඇසුණු දෙමාපියන් එතැනට පැමිණ පොලීසියට කතා කර ලාංකිකයා අත්අඩංගුවට පත්කර ඇත.
පොලීසිය හමුවේ ලාංකිකයා පවසාඇත්තේ තමා නීත්‍යනුකූලව 2010 සිට ඉතාලියේ වාසයකරන බවත් , අරක්කැමියකු ලෙස කලින් සේවය කළද දැන් රුකියාවක් නොමැති බවත්, සිද්ධිය සිදුවිමටපෙර තම යහළුවෙකුගේ නිවසකට ගොස් මත්පැන් පානය කළ නිසා සිද්ධිය ගැන කිසිවක් මතකනැති බවත්වය.
ඒ අවස්ථාවේ තරුණිය රෝහල්ගත කළද ඇයට අතවරයක් සිදුවු නැති හෙයින් රෝහලෙන් නික්මගොස් ඇත.