බීමතින් ගොස් කතට තුවාල කළ සාජන් ගෙදර


(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

බීමතින් යතුරුපැදියක් පදවා කාන්තාවකට තුවාල සිදුකළ බව කියන බදුල්ල පොලිසියේ පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනම් කළ බව බදුල්ල දිස්ත්‍රික්ක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

වැඩ තහනමට ලක්වූ පොලිස් සැයරන්වරයා ඉකුත් (29) දින සවස 6.10 ට පමණ රාජකාරී අවසන් කර පෞද්ගලික යතුරුපැදියකින් නිවෙස බලා ගමන් කරමින් සිටියදී හාලිඇල ඉන්ධන පිරවුම්හල අසලදී මාර්ගයේ ගමන් කළ කාන්තාවකගේ ගැටී එම කාන්තාව තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුළත් කර තිබුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන අල්කෝලයිසර් පරීක්ෂාවට ලක් කිරිමේදී මත්පැන් පානය කර සිටි බවට තොරතුරු අනාවරණය වී ඇත.

එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනමට ලක්කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය කියයි.