බීමතින් ගිය පාසල් සිසුහු තුනක් මාට්ටු


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

බීමත්ව යතුරුපැදි තුනක් පදවා ගෙන යමින් සිටි බව කියන බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසලක දොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුන් තිදෙනකු ලියන්වල වත්ත ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව ලියන්වල පොලීසිය පවසයි.

සිසුන් පදවාගෙන පැමිණි යතුරුපැදි තුන ද පොලිස් භාරයට ගනු ලැබීය.

රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන් සම්පත් මහතාට ඇති වූ සැකයක් මත මෙම සිසුන් තිදෙනා ගමන් ගත් යතුරු පැදි නතර කරගෙන ඇත.

සිසුන් තිදෙනා බීමතින් සිටින බව ඊට අදාළව සිදු කරන ලද පරීක්ෂණවලින් පෙනී ගිය නිසා ඔවුන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.