බීමතින් පාසල් බසය පැදවීයැයි රියදුරුබලපත්‍රය මාස 10කට අත්හිටුවයි : දඩය 7500


(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්. වීරවංශ)

පාසල් සිසුන් හතළිස් අටදෙනෙක් රැගත් බස් රථයක් බීමත්ව ධානවය කළ බවට වරද පිළිගත් රියදුරෙකුගේ රියදුරු බලපත‍්‍රය මාස දහයකට අත්හිටවු බළන්ගොඩ මහේස්ත‍්‍රාත් දුමින්ද පී මුදුන්කොටුව මහතා  ඔහුට රුපියල් හත්දහස් පන්සියයක දඩයක් ද  ගෙවන්නැයි  අද (19) නියෝග කළේය.

මෙසේ දඬුවම් ලැබුවේ බලංගොඩ පින්නවල පොලිස් වසමේ පදිංචි ඒ.එම්.වසන්ත රෝහණ අමරකෝන්  නැමැත්තෙකි.
 
පින්නවල පොලීසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පින්නවල උඩගම මහා විද්‍යාලයේ  සිසුන් හතළිස් අටදෙනෙක් රැගත් බස් රථයක් පස්වරු දෙකට පමණ නෙල්ලිවල හරහා අලූත්නුවර බලා බීමත්ව ධාවනය කර ඇති බව දැන්වීය. 

ඒ ගමනේ දී නෙල්ලිවල ප‍්‍රදේශයේ දි බස් රථය පාර අද්දර වැටක හැපී ඇති බවත් එසේ හැපී ඇත්තේ රියදුරු බීමත්ව සිටි බවට ප‍්‍රදේශවාසීන් කළ දැනුම්දිමක් මත පොලීසිය එහි ගොස් බස් රථයේ සිටි දරුවන් වෙනත් බස් රථයකින් නිවෙස්වලට ඇරලවා රියදුරු අත්අඩංගුවට ගත් බව සඳහන් කළේය.