(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)
කොල්ලුපිටිය පොලිස් භූමියේ පිහිටි භට නිවස තුළ විවේකීව සිටි පොලිස් නිලධාරීන්ට කරදරයක් සහ හිරිහැරයක් වන ආකාරයට බීමතින් අශෝභන ලෙස හැසුරුණේ යැයි කියන පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් කොල්ලුපිටිය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකපිට අත්අඩංගුවට ගත් මෙම පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා ඊච්චලම්පත්තුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනඅය වෙති.
සිංහල අලුත් අවුරුදු සමය වෙනුවෙන් මෙම පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා පෙරේදා සිට17 වෙනිදා දක්වා කොළඹ විශේෂ ආරක්ෂක රාජකාරි සඳහා ගෙන්වනු ලැබ සිටි අය යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙහිරැඳී සිට ඇත්තේ ද කොළඹ විශේෂ රාජකාරි සඳහා පිටපළාත්වල පොලිසිවලින් ගෙන්වා තිබු නිලධාරීන් යයි පොලීසිය කියයි.
පොලිස් නිලධාරීන් නිළධාරීන් කිලධාරීන් කිහිපදෙනකු බීමතින් අශෝභන ලෙස හැසිරෙන බවට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් එහි යවා කරන ලද සෝදිසියකදී බීමතින් සිටියේ යැයි කියන මෙම පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා අල්ලා ගැනීමට හැකි වී ඇත.

