බීමත්ව රිය පැදවු හිමි නමට දඩ


බීමත්ව රිය පැදවීම හා වලංගු  රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය  කිරීම යන චෝදනා දෙකට අධිකරණයේ වරදකරුවකු වු හිමිනමකට රුපියල් 13500 ක දඩ මුදල් හා වසර දහයකට අත්හිටවු  මාස හයක බරපතල වැඩ සහිත සිර දඩුවමක් මහව ප්‍රධාන මහෙස්ත්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මිය  නියම කළාය.

 මෙසේ දඩ නියම වුයේ  දොම්පේ විහාරස්ථානයක  ඉන්දොලේ පඤ්ඤාරතන හිමියනටය.

මහෙස්ත්‍රාත්වරිය එලෙස දඩුවම්   නියම කරන බව අධිකරණයට  පැවසු අවස්ථාවේ ‘ අම්මාද ගැහැණියකි  බිරිදද ගැහැණියකි නංගිද ගැහැණියකි අක්කාද ගැහැණියකි‘ යනුවෙන්  කවි දෙපදයක් උස් හඬින්  ගායනා කරන්නට විය.

වහාම ක්‍රියාත්මක වු අධිකරණ පොලිසිය ඔහුගේ  කට වසා අධිකරණ සිර මැදිරිය වෙත රැගෙන ගියේය.

 මහව පොලිසියේ රථ වාහන අංශය විසින් ඉකුත් 31 වැනිදා  දහවල් 12.30ට පමණ මහව දළදාගමදී  මේ හිමි නම  අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් අණ නොතකා  රිය ධාවන කිරීම හේතුවෙනි.

 හිමි නමට වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති විමත්  එම අවස්ථාවේ බීමත්ව රිය පැදවීමත් කරුණු අනාවරණය විමෙන් පසු  මෙසේ අත්අඩංගුවට ගෙන මහව ප්‍රධාන  මහෙස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත්  කෙරිණි.