බීමත් රියදුරන් පහසුවෙන් හදුනා ගැනීමේ නවීන විද්‍යුත් උපකරණයක් නිපදවමින් ඉන්දුනීසියාවේ පැවැති 2016 වසරේ ජාත්‍යන්තර තරුණ නව නිපැයුම්කරුවන්ගේ තරගාවලියෙහි හොඳම නව නිපැයුම සඳහා වූ රන් පදක්කම සහ විශ්ව නව නිර්මාණ බුද්ධිමය දේපළ සංගමයේ පිරිනමන තරගාවලියෙහි දක්ෂතම නව නිර්මාණයට හිමි කුසලානය දිනා ගැනීමට හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයෙහි තරිදු හේෂාන් කළුබෝවිල සමත්විය. ඔහුට උපහාර පිදීමේ උත්සවයක් විද්‍යාලයීය රංග ශාලාවේදී අද (18) පැවැත්විණි.
හොරණ මුණගම දික්හේනපුර 4 වැනි පටුමගෙහි පදිංචි ඔහු 2015 වර්ෂයේදී ශී‍්‍ර ලංකා විද්‍යාභිවර්ධන සංගමය පැවැත් වූ අන්තර් පාසල් නව නිර්මාණ තරගාවලියෙහි ප‍්‍රථම ස්ථානයට හිමි රන් පදක්කම ද 2016 වර්ෂයේදී විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ ශි‍්‍ර ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම පැවැත් වූ අන්තර් පාසල් නව නිර්මාණ තරගාවලියෙහි ද ප‍්‍රථම ස්ථානය ලබා ගැනීමට ඔහු සමත් වූ බව ද විදුහල්පති කසුන් ගුණරත්න මහතා පැවසීය.




