
(යොහාන් භාසුර)
බෝලවත්ත දුම්රිය ස්ථානයට අද රාත්රී 7.00ට පමණ මැර ප්රහාරයක් එල්ලවී ඇතැයි පොලිසිය කියයි.
දුම්රිය වේදිකාවේ මත්පැන් පානය කර සිටි කණ්ඩායමකට දුම්රිය ස්ථාන පරිශ්රයෙන් ඉවත් වන ලෙසට කළ දැනුවත් කිරීමට කෝපවූ පිරිස කාර්යමණ්ඩලයට පහර දී දුම්රිය ස්ථානයට ජනේලවලට පහරදී අලභහානී කර ඇත.
දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුලු කාර්යමණ්ඩලයේ තිදෙනකු ඇතුළු පුද්ගලයන් හතරකට පහර දී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිළධාරියෙකු පැවසීය.
පහර කෑමට ලක්වු සිව් දෙනා රෝහල් ගතකර ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.


