බීමට ජලය ඉල්ලා බණ්ඩාරවෙල වැසියෝ පාරට බසිති


උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ වැලිමඩ පුහුල්කොළ සිට වැල්ලවාය අඹකොටආර දක්වා උමං මාර්ග දෙකක් ඉදිකිරීමෙන්  බණ්ඩාරවෙල අවට ගම්මානවල ළිං සිඳීගොස් ජලය නැතිවීමත් ඊට පිළියම් නොයෙදීමත් යන කරුණුවලට විරොධය පා විශාල පිරිසක් බණ්ඩාරවෙල නගරයේ අද උද්ඝෝෂණයක නියැලුණහ. බණ්ඩාරවෙල ධර්මවිජය විහාරය අසලින් ආරම්භ වූ විරෝධතාවට එක් වුවෝ පා ගමනින් බණ්ඩරවෙල නගරය වෙත ගොස් පැයක් පමණ උද්ඝෝෂණයේ නියැලුණහ.