ඉරිදා මහරගමදී පැවැත්වුන රැස්වීම පිළිබඳව වාර්තා කිරීමට ගිය තමන් ඇතුළු බීබීසී කණ්ඩායමට තරුණ පිරිසක් හරිහැර කළ බව බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ ලෝක සේවයේ බීබීසී කොළඹ වාර්තාකරු චාර්ල්ස් හැවලන්ඩ් කියයි.
මහරගම කඩවීදිය අසල තම වාර්තාව රූපගතකරමින් සිටි අවස්ථාවේ එතනට රොක්වූ 20 දෙනෙකුගෙන් පමණ තරුණයන් පිරිසක් තම කණ්ඩායම බලහත්කාරයෙන් රඳවාගත් අඩන්තේට්ටම් කරන බවට තර්ජනය කළ බවත් හැවලන්ඩ් සිය වාර්තාවෙන් කියයි.
එතැන රාජකාරියෙහි යෙදී සිටිපොලිස් නිලධාරීන් මෙම සිද්ධිය දුටු නමුත් නිහඬව සිටි බව පැවසු ඔහු ඒ අවස්ථාවේ එම පිරිසේ සිටි සමහර දෙනා තමන් සමඟ සිටි ශ්‍රී ලාංකික පිරිසට "ජාතිද්‍රෝහින්" සහ "අවජාතකයන්" ලෙස චෝදනා කරමින් පරුෂ වචනයෙන් බැන වැදුණු බවද කීවේය.
නැවත වතාවක් මේවගේ තැනකට පැමිණියහොත් එය"අපගේ අවසානය" වියහකිබව සමහර දෙනා තර්ජනාත්මකව පැවසු බව කියූ ඔහු ඒ අවස්ථාවේදී තමන් පෙර කිසි දිනක හෝ කිසි අවස්තාවක සිදු නොවූ තරමේ තැතිගැනීමකට පත්වූ හැවලන්ඩ් කීවේය.