ගීතයක් කොපි කිරීමේ වරද හේතුවෙන් ජස්ටින් බීබර් සහ යූෂර් සඳහා නඩුවක් පවරා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි. 2010 වර්ෂයේදී එළිදැක්වූ "Somebody to Love" නම් ගීතය සඳහා මෙලෙස නඩුවක් ගොනු කර ඇති අතර, ඒ ගීත රචකයෙකු විසිනි. 2008 වර්ෂයේදී ඔහු විසින් රචිත ගීතයක් ඔස්සේ මෙම ගීතය නිර්මාණය කර ඇති බව පවසමින් මෙලෙස නඩු පවරා ඇත.