රෙඞ්බුල් විශ්ව විද්‍යාල ලෝකශූරතා කි‍්‍රකට් තරගාවලයේදී අද (03) පැවති බංගලාදේශයේ ලිබරල් ආර්ට්ස් විශ්ව විද්‍යාල කණ්ඩායම සහ මහ බි‍්‍රතාන්‍යයේ ඒකාබද්ධ විශ්ව විද්‍යාල කණ්ඩාම අතර තරගයෙන් කඩුලූ 9 ක පහසු ජයක් ලබාගැනීමට මහ බි‍්‍රතාන්‍යයේ ඒකාබද්ධ විශ්ව විද්‍යාල කණ්ඩායම සමත්විය.
ඒකාබද්ධ විශ්ව විද්‍යාල කණ්ඩාමේ ජේම්ස් ලෝමස් ලකුණු 18 කට කඩුලූ 4 ක් දවා ගනිමින් ලිබරල් ආර්ට්ස් කණ්ඩාම ලකුණු 105 කට සීමා කිරීමට සමත්විය.
ලකුණු 105 ක ඉලක්කයක් හඹායෑමේදී ඒකාබද්ධ විශ්ව විද්‍යාල කණ්ඩාමේ පළමු කඩුල්ල ලකුණු 0 දී දැවී ගියත්, ලූක් ලොකබි (නොදැවී 55) සහ සයිඞ් ෆෝඞ් (නොදැවී 44) එක්ව ලකුණු 106 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනගමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.
ලිබරල් ආර්ට්ස් විශ්ව විද්‍යාල කණ්ඩාම ඕවර 20 තුළදී කඩුලූ 9 ක් දැවී 105
(අබීඞ් හුසේන් 27, ඉසාල් ඛාන් 21, ජේම්ස් ලෝමස් 18/4, මයිකල් බර්නාඞ් 18/2)
ඒකාබද්ධ විශ්ව විද්‍යාල කණ්ඩාම ඕවර 14.1 ක් තුළදී එක් කඩුල්ලක් දැවී 106
(ලූක් බ්ලැකබි නොදැවී 55, සයිඞ් ෆෝඞ් නොදැවී 44)