බිළීන්දන් දෙදෙනකු හෙලිකොප්ටරයෙන් කොළඹට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ) 

ජලගැලීම් හේතුවෙන් සේවා අඩපණ වී ඇති හලාවත මූලික රෝහලේ  අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ප්‍රතිකාර ලබමින් සිටි දින 28 ක් හා දින 35 වයසැති බිළිඳු දරුවන් දෙදෙනෙක් සහ බරපතල තුවාල ලබා සිටි වයස අවුරුදු 10 ක දැරියක් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ අධීක්ෂණය  යටතේ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර්  යානාවක් මගින් කොළඹට රැගෙන එනු ලැබිණි.

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 4 බල ගණයට අයත් බෙල් 412  හෙලිකොප්ටර් යානාවක් මගින් එම දර්ශනාව රැගෙන එනු ලැබූ බව ගුවන් හමුදාව සඳහන් කරයි

අනතුරුව  එම බිලිදු දරුවන්  ගිලන් රථයක් මගින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත  ඇතුළත් කරනු  කෙරිණි.

ඡායා හිරාන් ප්‍රියංකර