බිළිදෙක් විකුණන්න ගිය මවක් වසර 7ක් හිරේට


දින දෙකක් වයසැති කුඩා බිළිඳෙකු රුපියල් 75,000ක මුදලකට ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියකට අලෙවි කිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරු වූ 46 හැවිරිදි තිදරු මවක වු හෙදියකට වසර 7ක සිරදඬුවම්  කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද නියම කළේය.

ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනතේ 360 ඈ දෙක වගන්තිය යටතේ වරදක් සිදුකළ බවට අධි චෝදනා ගොනුකරමින්  නීතිපතිවරයා පැවරු නඩුවක් දීර්ඝ වශයෙන් විභාග කිරීමෙන් පසුව මෙම තීන්දුව නිකුත් කළේය.

සිරදඬුවමට අමතරව රුපියල් විසිදහසක දඩ මුදලක් ද එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 6ක ලිහිල් සිරදඬුවමක් නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළේය.