බිළිදා පිලිස්සූ මෙහෙකාරිය සොයයි


මාස තුනහමාරක ළදරුවෙකුගේ ජනනේන්ද්‍රිය පිලිස්සී යැයි  පොලොන්නරුවේ පදිංචි මෙහෙකාරියක් අත්අඩංගුවට ගැනීමට සොයන බව පිලියන්දල පොලිසිය කියයි.

පිලියන්දල මාම්පේ පදිංචි පෞද්ගලික ගණනාධිකාරීවරයෙකු හා විධායක නිළදාරීවරියක්  මෙහෙකාරිය  ගැන සැක සිතී පඩි නඩි බේරා ගෙදර යැවූ බව ඔවුන් පොලිසියට කියා ඇත.

මෙය පිලිස්සීමක් බව තහවුරු කරගෙන ඇත්තේ සිගිත්තා බොරැල්ලේ ළමා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවය.