සිව් හැවිරිදි දැරියක ද සමග එප්පාවල පොතානේගම පැරණි පුද බිමක් අසල අද අළුයම ගැවසෙමින් සිටි 12 දෙනෙක් එප්පාවල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
පූජා භාණ්ඩ, අලවංගු, මිටි, හෑරීම් උපකරණ ද ඔවුන් ළඟ තුබූ බවත්, ඉපැරණි චෛත්‍යයක නිධන් හාරන්නට ඔවුන් එන්නට ඇති බවත් කුඩා දරුවකු ගෙන ආවේ බිළිදීම සඳහා දැයි නොදන්නා බවත් පොලීසිය කියයි.
වෑන් රියකින් ආ සැකකරුවන් මාතලේ අකුරැස්ස ඌරගස්මං හන්දිය හා එප්පාවල පදිංචිකරුවන් බව ද පොලීසිය කියයි.