( ෂේන් සෙනෙවිරත්න)
මඩකලපුව වාකරේ ප්‍රදේශයේ සිට ගලහා ලූල්කඳුර ප්‍රදේශයේ වතු නිවාසයකට තාවකාලික පදිංචියට පැමිණි තරුණ යුවළක් ඔවුන්ගේ මාස 5 ½ වයසැති බිලිඳා එම වතු නිවාසයේ කාමරයක් තුළ දමා පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගලහා පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ .
එම තරුණ යුවළ මීට සති දෙකකට පමණ පෙර වෙනත් කාන්තාවකගේ ආධාරයෙන් කුඩා බිළිඳෙකුද සමග එම වත්තේ තාවකාලික පදිංචියට පැමිණ ඇති අතර පසුව ඔවුන් හොර රහසේම එම වත්තෙන් නික්ම ගොස් තිබේ .
ඔවුන් එහි සිටියදී හඳුනාගත් වෙනත් පුද්ගලයෙකුට දුරකථන මගින් දැනුම් දී ඇත්තේ ඔවුන් දෙදෙනා විදේශගත වන බවත් ඔවුන් රැගෙන ආ කුඩා බිළිඳා ඔවුන් සිටි කාමරයේ සිටින බවත් එම බිළිඳා හදා වඩා ගැනීම සඳහා කිසිවෙකුට හෝ ලබාදෙන ලෙසයි .

