බිල්පත්වලින් සියයට 53 ගෙවා අවසන්


(රංජන් කස්තුරි)

නව රජය බලයට පත්වන විට ගෙවීමට තිබූ බිල්පත්වලින් සියයට 53ක් හෙවත් රුපියල් කෝටි 19100ක මේ වන විට ගෙවා අවසන් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 

ආණ්ඩුවට ඉකුත් අගෝස්තු මස 31 වැනි දා වන විට ගෙවීමට තිබූ බිල්පත්වල වටිනාකම රුපියල් කෝටි 36000ක් වන අතර ඉන් රුපියල් කෝටි 19100ක් මේ වන විට ගෙවා අවසන් කර ඇත.

ආණ්ඩුවට තවත් ගෙවීමට ඇති බිල්පත්වල වටිනාකම රුපියල් කෝටි 16900ක් බව ද ඇමැතිවරයා කියා සිටියේය.