බිල් හදන්නත් සල්ලි ගන්නවාලු


අම්පාරේ දැයට කිරැළට සම්බන්ධ පළාත් අධ්‍යාපන ඉදිකිරීම් බිල්පත් සැකසීමට අවස්ථා දෙකකදී අධ්‍යාපන කලාප කාර්යාල සේවකයකු රුපියල් දස දහසක් ගත්තැයි අම්පාර වඬිනාගල විදුහල්පති තිලක් අලහකෝන් මහතා පළාත් සභා අධ්‍යාපන ඇමැති විමලවීර දිසානායක මහතාට පැමිණිලි කෙළේය.

මේ ගැන පරීක්ෂණයක් පැවැත්වීමට පළාත් අධ්‍යාපන ලේකම්ට උපදෙස් දුන් බව විමලවීර මහතා පවසයි.