බිරියට වෙඩි තැබූ කර්නල් යළි රිමාන්ඩ්


මාලබේ පිට්ටුගලදී සිය බිරියට වෙඩි තැබීයැයි කියන හමුදා ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඒ.ප්‍රදීප් කුමාර වෙත්තසිංහ ලබන 7 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල ප්‍රධාන මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (23) නියෝග කළේය.

වෙඩි වැදී බරපතල තුවාල ලබාසිටි බිරිය සුවය ලබා සිටින බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

වෙඩි තැබීමට යොදාගත් මිලි මීටර් 9 පිස්තෝලය රජයේ රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත් පොලිසියට නියෝග කළේය.

කර්නල් එදා ගමන් කළ බව කියන කාරය රුපියල් ලක්ෂ 50ක බැඳුම්කරයක් මත අයිතිකරුට මුදාහරින ලෙසද  නියෝග කැරිණි.