
( වසන්ත චන්ද්‍රපාල)
වාලච්චේන පොලිස් වසමේ වාහනේරි ප්‍රදේශයේදී පොරවකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු එම ස්ථානයේම මියගොස් තිබේ.
මියගිය අය සහ බිරිද අතර ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාම මත මරණකරු බිරිඳට තියුණු ආයුධයකින් පහරදීමට උත්සාහ කිරීමේදී, බිරිඳ විසින් පොරවකින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මියගිය අය වාලච්චේන වාහනේරි පදිංචි වෛරමුත්තු නවරාසා නැමැති පුද්ගලයෙකි සැකකාර සාම තබ්මි තිරුනිරයි චෙල්වි යන කාන්තාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

