බිරිඳගේ රන්දම්වැල හා අත් පළඳනාවක් කඩාගත් බව කියන සැමියා දුම්මලසූරිය පොලිසියේ සිර මැදිරියේදී අද (5) අලුයම මියගොස් සිටියේය.
ඔහු ඇඳ සිටි කලිසමින් එල්ලී මැරෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
ඔහු ගල්මුරුව රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි.
මාලය කඩාගත් බවට පැමිණිල්ල කර ඇත්තේ ඔහුගේ බිරිය විසිනි.

