
(චන්ද්‍රසිරි ගුණසේකර)
ගැබිනි බිරියගේ ආසාව සංසිඳවීමට තම බාප්පාගේ ඉඩමේ කොස් ගසකින් කොස්ගෙඩියක් කඩා ගත් 34 හැවිරිදි දෙදරු පියකු බාප්පාගේ පිහිපහරින් මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ඇල්පිටිය පිටුවල උතුර, එගොඩගෙදර ලිපිනයේ පදිංචි කේ.එම්.ෂෙහාන් ලසන්ත නැමැති 34 හැවිරිදි දෙදරු පියෙකි.
මියගිය අය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම පහරදීම සිදුකළ බවට සැකකෙරෙන මියගිය දෙදරු පියාගේ බාප්පා අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.


