
(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව,පුලස්තිගම,කෑගලුගම ප්‍රදේශයේදී අද පස්වරුවේ අඹු සැමියන් අතර ඇතිවූ ආරවලක් දුරදිගයාමෙන් බිරියගේ තියුණු ආයුධ පහරකට ලක් වූ සැමියා මියගොස් ඇතැයි පුලස්තිපුර පොලීසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පුලස්තිපුර,කෑගලුගම පදිංචිව සිටි නිලන්ත නන්දන කුමාර නැමැති 29 හැවිරිදි එක්දරු පියෙකි.
හෙතෙම ජීවිකාව ලෙස කුලීවැඩ සහ පොල් කැඩීම කරමින් සිටි බවද කියති.
මොහු දිනපතාම පාහේ බීමත්ව පැමිණ සිය බිරිඳ සමඟ ආරවුල් ඇතිකර ගන්නා බවත් මෙදිනද එසේ ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව බිරිඳ විසින් සැමියා ඝාතනය කර තිබෙන බව පොලීසිය සිදුකල මූලික පරීක්‍ෂණවලදී අනාවරණයවී ඇත.

