බිරියගේ අනියම් සැමියා මැරූ සැමියා නිදහස්


බිරියගේ අනියම් සැමියා 2009දී මරා දැමීයැයි චෝදනා ලබා සිටි සැමියෙක් කොළඹ මහාධිකරණයේදී අද නිදහස ලැබීය.

දෙදෙනාගේ සම්බන්ධය නවත්වන ලෙස දෙදෙනාටම අවවාද කළත් එසේ නොවූ නිසා කිරුළපොනේ දැඩිමුණි සුනිල්ද සිල්වා මරා දැමූ බව නඩුවේදී කියැවිණි.

එල් ජී ගුණරත්න හෙයත් තිස්සට එරෙහිව සාක්කි ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී යැයි කුමුදුනී වික්‍රමසිංහ මහාධිකරණ විනිසුරුවරිය තීන්දුව දෙමින් පැවසුවාය.