සිය බිරිය පුළුස්සා මරා දැමු සැමියකුට පානදුර මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය අද (05) මරණ දඩුවම නියම කළාය.
1992-05-21 වැනිදා පිළියන්දල දොලේ කනත්තේදී දීපා දිලානි වෙල්ලාල මාරා දැමී යැයි වරඳකරු වුයේ මැක් ලින්කන් ප්‍රනාන්දු හෙවත් රොබින් නම් පුද්ගලයෙකි.
මරණ දඬුවම නියම කිරීමට පෙර ඔහු කියා සිටියේ මරා දැමීමට තරම් බිරිය සමඟ ප්‍රශ්නයක් නොතිබු බවයි. අසත්‍ය චෝදනා තමාට එරෙහිව ඉදිරිපත් වී ඇතැයිද ඔහු කීවේය.
තමාගේ නිර්දෝෂිභාවය පුතා දන්නා බවත් ඔහු කීවේය.
තමා දැන් විවාහ වී දරුවකුද ඉන්නා නිසා අනුකම්පා කරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.