විදේශගතව සිටින සිය බිරිය ගෙන්වා ගැනිමට බලධාරීන්ට කන්නලව් කළද පලක් නොවුවේ යැයි කනස්සලට පත් සැමියා බත්තරමුල්ල විදේශසේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට දී වස ශරීරගත වී කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි.
ඔහු වස බොන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
අනුරාධපුර පුලියන්කුලමේ ඉන්දික ප්‍රසාද් (38) නැමැති සිවු දරු පියකු මෙසේ රෝහල්ගත කැර ඇත.
බිරිය සෞදි අරාබියේ රැකියාවට ගොස් සිටින තර ඇයට හිරිහැර වන බව පවසන බැවින් නැවත ගෙන්වා දෙන්නැයි විදේශසේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලා ඇත.
ඒ සදහා රුපියල් ලක්ෂ තුනහමාරක් අවශ්‍ය බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පවසා ඇති හෙයින් මුදල් ගෙවීමට නොහැකි නිසා දරුවන් සමඟ ඊයේ (9 ) නැවත විදේශසේවා නියුත්ති කාර්යාංශයට පැමිණ ඇති අතර එහිදී නිසි පිළිතුරක් නොලැබුණු බව කියති.