බිරිය අකුණට බිලිවේ


ඉතාලියේ කටානියා නුවර ගෙදරක ගින්නකින්ශ්‍රී ලාංකික බිරිය මියගොස් සැමියා බරපතල තුවාල ලබා කටානියා මහ රෝහලේ දෑඩිසත්කාර එකකයට ඇතුළත් කල බව කටානියා පොලිසිය පවසයි.

 මියගිය සාගරිකා මදුරිගේ 42 වැනි උපන්දිනය අදට (21) යෙදි තිබිණි. අසාධය තත්වයේ පසුවන සරත් ප්‍රේමලාල්(45) 23වෙනිදා ලංකාවට යෑම සදහා ගුවන් ටිකට් පතක් ද වෙන්කොට තිබිණි.

සෙනසුරාදා (20) සවස 5.40ට පමන අධික වර්ෂාවත් සමගම මහා ශබ්ධයක් නගමින් පාත් වු අකුණු සැරයක් සමඟ නිවසින් කෑ ගැසීමක් ඈසුණු බවත් ස්වල්ප වේලාවකින් ගිනි ගනිමින්නිවසින් එලියට පැමිණි ශ්‍රි ලාංකිකයාගේ ඇගට ‘තෙත්කළ කාපට්‘ එකක් දෑමිමෙන්ඔහුගේ ගින්න නිමා දෑමු බව අසල්වාසී ඉතාලි. ජාතික කාන්තාව කියයි. පෑස්සුම්කරුවෙකු වන සරත් ප්‍රේමලාල් තම නිවසේ තිබු පෑස්සුම් යන්ත්‍රය ක්‍රියාවිරහිත නොකර තිබීමේන් අකුණු සැර ගෙට ඇදීඅනතුර සිදුවන්නට ඇතැයිසැකයක් පවතී. ඔවුන්ගේ එකම දරුවා(14)දේවස්ථානයේ පුජාවකට සහභාගි වෙමින් සිටියදී  මේ අනතුර සිදු විය.