බිරිඳ කාරයේ දමා කුඩු සැකකරු පලා යයි


අති සුඛෝපභෝගී රථයකින් කුඩු විකුණමින් ගිය අඹුසැමියන් ගාල්ල පෝද්දලදී පොලිසියට කොටුවෙද්දී බිරිඳ කාරයේ තනිකර දමා සැමියා පලාගොස් ඇති බවත් බිරිඳ සන්තකයේ තිබී කුඩු ග්‍රෑම් එකයි මිලි ග්‍රෑම් පනහක් ද කාරයේ තිබූ කුඩු ග්‍රෑම් පහක් හා මිලි ග්‍රෑම් 150ක් සමග රුපියල් 149,700ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.