බියගම බස් අනතුරින් රියදුරු මරුට


පානදුර-මහනුවර පෞද්ගලික බස් රථයක් බියගම පේරගස්හංදියේදී ඇඟළුම් සේවකයන් ප්‍රවාහණය කරන වෑන් රියක ගැටීමෙන් සේවකයන් ප්‍රවාහණය කළ වෑන් රියේ රියදුරු මිය ගොස් 18 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

කිරිඳිවැල නාරංවල පදිංචි සුරේෂ් නුවන් ආසිරි (25) අනතුරින් මිය ගොස් ඇත.

තුවාලකරුවන්ගෙන් 12 දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූහ.