බියගම කුඩු මෙහෙයුමට එස්ටීඑෆ් 40ක්


බියගම දී හෙරොයින් මත්කුඩු කිලෝ 85.5 අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට නිල ඇඳුමෙන් හා සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු හතලිස් දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් යොදවනු ලැබූහ.

තුන් මාසයකට කළින් ලැබුණු ඔත්තුවක් අනුව ඔවුන් කුඩු නියෝජිතයන් ගමන් කරන මඟෙහි තැන තැන එම පිරිස රඳවනු ලැබ සිටියහ.

කොටහේනේ පදිංචිකරුවන් වන අයියාත් මල්ලීත් සමඟ ඉස්තරම්ම වර්ගයේ හෙරොයින් කුඩු කිලෝ අසූ පහමාරක් අල්ලා ගැනීමේ මෙහෙයුම පොලිස් විශේෂ කාර්ය බලකයේ සහකාර පොලිස් අධිකාරීවරයකුගේ හා පොලිස් පරීක්ෂකවරුන් තිදෙනකුගේ සුපරීක්ෂණය යටතේ සිදු විය.

අයියාත් මල්ලීත් කැලණිය බිගයගම පාරේ එක් ස්ථානක දී මුණ ගැසුණු බවත්, මල්ලී එතැන දී හයිබ්‍රිඩ් කාරයට මාරු වූ බවත් දැනගන්නට ඇත.

පසුගිය අවුරුදු පහේ දී කුඩු නඩු 585ක් මහේස්ත්‍රාත් අධිකරණයේ ද, 421ක් කොළඹ මහාධිකරණයේ ද පවරා ඇත.

54 දෙනෙක් දැනට කුඩු ගෙනවුත් වැරදිකරුවෝ වී පෝරකයට නියම කරනු ලැබ සිටිති.

 175 දෙනෙක් ජීවිතාන්තය දක්වා සිරදඬුවම්වලට යටත් වී සිටිති.  කුඩු නඩුවලට 394 දෙනෙක් වැරදිකරුවෝ වී සිටිති.

දඩ වශයෙන් දැනට රුපියල් දෙකෝටියකට ආසන්න මුදලක් අය කැර ගෙන ඇත.