උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත ජාත්‍යන්තර සංවිධාන වෙතට ලැබෙන මුදල් ප‍්‍රතිපාදන අධික ලෙසින් කප්පාදුවට ලක් වීම නිසා 2020 වන විට උතුරු නැගෙනහිර බිම් බොම්බ ඉවත් කිරීමට නොහැකි වෙතියි එම සංවිධාන කියයි.
ශ‍්‍රී ලංකාවේ බිම් බෝම්බ පිළිබඳ පර්යේෂකයෙකු වන විද්‍යා අබේගුණවර්ධන මහතා මෙසේ කියයි.
‘යුද්ධයෙන් පසුව 2011 උතුරු නැගෙනහිර වර්ග කිලෝමීටර් 53ක බිම් බෝම්බ ඉවත් කළා. මෙම වේගය ක‍්‍රමයෙන් පහත වැටී තිබෙනවා. 2012 වසරේදී වර්ග කිලෝ මීටර් 22 ක් දක්වා පහත වැටුණා. 2013 දී වර්ග කිලෝමීටර් 8ක් වශයෙන්ද ගෙවී ගිය 2014 වර්ෂයේ වර්ග කිලෝ මීටර් 5ක් දක්වාම පහත වැටිලා‘.




