බිත්තරයක් 50 ට නගී


(නිමල කොඩිතුවක්කු)


වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් ඉහල ගොස් ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති. ඒ අනුව බිත්තරයක මිල රුපියල් 40 සිට50 දක්වා මිලකට අළෙවි වන බව වෙළඳපල ආරංචිමාර්ග සඳහන් කරයි.

සුපිරි වෙළඳසැල්වල ඇති බිත්තර දහයේ  ඇසුරුමක්  රුපියල් 470ත් 550ත් අතර මිලකට අලෙවි වන බවද පාරිභෝගකයෝ පෙන්වා දෙති.

මෙයට පෙර වෙළඳපොලේ  බිත්තරයක් රුපියල් 25ත් 30ත් අතර මිලකට අළෙවි විය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ  ආපදා තත්ත්වයෙන් පසුව ගොවිපොළවල් ගංවතුරට යටවීම නිසා ඇතිවූ බිත්තර හිඟයත් සමග මෙම තත්ත්වය උදාවී ඇති බව බිත්තර නිශ්පාදකයින් සඳහන් කරයි.