
(යොහාන් භාසුර)
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර පිළිබඳ වාර්තාව හෙට (29) නිකුත් කරන්නේ යැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා අද (28) පස්වරුවේ පැවසීය.
එම වාර්තාව ලැබෙන තෙක් බිත්තර තොගය තව දුරටත් කොළඹ වරායේ ගබඩා කර තිබෙන බව ද වලිසුන්දර මහතා වැඩි දුරටත් කීය.
මෙරට බිත්තර මිල අඛණ්ඩව ඉහළ යෑමට සහ බිත්තර හිඟයට පිළියමක් ලෙස වෙළෙඳ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්‍ෂ 20 ක් පසුගිය 23 වැනිදා කොළඹ වරායට ළගාවූ අතර එම බිත්තර පරීක්‍ෂා කිරීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සාම්පල ලබාගත්ත ද මෙතෙක් එම පරීක්‍ෂණ වාර්තා ඉදිරිපත් නොකළේය.

