කොළඹ ආනන්ද හා නාලන්ද විද්‍යාලයන්හි වාර්ෂික ක්‍රිකට් තරගයට සහාය දක්වමින් එම විදුහල් දෙකෙහි සිසුන් හා ආදි සිසුන් වාහනවල නැගී පාසල් කොඩි ලෙලවමින් මහ පාරේ යෑම නිසා කොළඹ ප්‍රධාන පාරවල් රැසකම වාහන තදබදයක් ඇති විය.
හෝර්ටන් පෙදෙසින් නෙළුම් පොකුණ අසල පාරත්, මහජන පුස්තකාලය අසල පාරත්, ඇස් වාට්ටුවේ සිට නිදහස් චතුරශ්‍රය දෙසට යන වාහනත් මාර්ගය දිගට පෝලිම් ගැසී තිබිණි.
හෝර්ටන් පෙදෙසේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය ළඟ සිට නෙළුම් පොකුණ අසලට පැමිණීමට වාහනවලට පැයකට වඩා ගත විය.
පොලිසියද සිටි නමුත් නිසි වාහන පාලනයක් දක්නට නොලැබිණි. උදේ කාර්යාලවලට යන සේවකයන්ගේ රතු ඉර පාරේදීම වැදී තිබිණි. විදුහල් දෙකෙහි සිසුන් පාරේ හා වාහනවල යමින් අනෙකුත් මගීන්ට හා රථවාහනවලට බාධාවන පරිදි හැසිරෙන ආකාරය දැකිය හැකි විය.




