මහා ක්‍රිකට් තරගයක් වෙනුවෙන් මහනුවර දී අන්තරාකාරී සහ මාර්ග අවහිර වන පරිදි පාසල් සිසුන් පිරිසක් රැගෙන ගියැයි සැකපිට මෝටර් රථ දෙකක්, මොන්ටෙරෝ ජීප් රථයක් සහ කැබ් රථ දෙකක් රියදුරන් ද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පාසල් සිසුහු අවවාද කර මුදා හරිනු ලැබූහ.
පාසල් ක්‍රිකට් තරග සමයේ මාර්ග අවහිර වනසේ සහ අන්තරායකාරී ලෙස රිය නොපදවන ලෙස පොලිසිය උපදෙස් දෙයි.

