උඩරට මැණිකේ දුම්රියේ දී පසුගිය දෙවැනි දා චීන කතකගේ අත් බෑගයක් පැහැරගත් මහනුවර අංපිටියේ අසංක බණ්ඩාරට හැටන් මහේස්ත්‍රාත් ප්‍රසාද් ලියනගේ මහතා වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.
අධිකරණයේ දී ඔහු වරද පිළිගත්තේ ය.
රුපියල් එක් දහස් පන්සියයද දඩ ද නියම විය. දඩය නොගෙවන්නේ නම් තවත් මාසයක සිර දඬුවම් නියම කැරිණි.




