බෑග් වෙළෙන්දා ත්‍රිරෝද රියේ මරලා


බෑග් ව්‍යාපාරිකයකු පාදුක්ක පොරෙගෙදර ප්‍රදේශයේ ත්‍රිරෝද රියක් තුළ කැපුම් තුවාල සහිතව මියගොස් තිබියදී සොයාගත් බව මොරගහහේන පොලිසිය කියයි. මන්නයක් සහ අරක්කු බෝතලයක් ද ත්‍රිරෝද රියේ තිබී සොයාගෙන ඇත. බෙල්ලේ සහ සිරුරේ තැනින් තැන කැපුම් තුවාල ඇතැයි පොලිසිය පවසයි.