පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ජන්දය දීමට ජනතාව පෙළඹවීම සඳහා දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් වැය කර ලිත් මුද්‍රණය කළැයි චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලබන වසරේ මාර්තු මස 10 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක ගුණතිලක මහත්මිය නියෝග කළාය.
දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක ගුණතිලකට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පෙනී සිටින ලෙස නියෝග කැරිණි.
මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් 2 94 00 000/- මුදලක් වැයකර ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කොට එම මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට බැසිල් රාජපක්ෂට සහ කිත්සිරි රණවක ගුණතිලකට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.

