බැසිල්ගේ මල්වාන නඩුව කල්යයි


හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂගේ බියගම, මල්වානේ ඉඩම සම්බන්ධයෙන් ඉඩමේ නීතිමය තත්ත්වය හා ආරක්ෂාව පිළිබඳ කරුණු දක්වන ලෙස පූගොඩ අධිකරණය අද (22) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට දැන්වීය.

දිසා විනිසුරු සංජීව සෝමරත්න මහතා නඩුව ඔක්තෝබර් 4 වැනිදාට කල් තැබීය.