බැසිල් රාජපක්ෂ මහතා ද සම්බන්ධ වී සිටින නව පක්ෂයේ මල්පොහොට්ටුව පිපෙන්නේ නැති මෝදු වෙමින් පමණක් තිබෙන එකක් බවත් එයට බිය විය යුතු නැති බවත්, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා පැවසීය.
පසුගිය ජනාධිපතිවරණයෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා පරාජයේ වගකීම භාරගෙන සාටකය ද ගලවා දමා ඇමෙරිකාවට ගිය බවත්, මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට වගකීම භාර දී කාල්ටන් වෙත ගිය බවත් කී අමාත්‍යවරයා ඉන්පසු තමන් ඇතුළු පක්ෂය නන්නත්තාර වූ නිසා මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සිදු වූ බවද සඳහන් කළේය.
එසේ නොකළේ නම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිීකයින්ට පාරේ බැස යාමට නොහැකි තත්ත්වයක් ඇති වී සලාක ක්‍රමයට ගුටි කන්නට සිදුවන බව ද ඇමතිවරයා කීවේය. ශ්‍රීලනීප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේ ඉදිරියට යා යුත්තේ එක්ව බවත් පක්ෂය දෙකඩ කිරීමෙන් ජයග්‍රහණය කරා යා නොහැකි බවත්ය.
විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල අලූත් පක්ෂයට යන්නේ තමන්ගේ පක්ෂය රැකගෙන වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය යන්න හදන්නේ පක්ෂය දෙකඩ කර බව ඔවුන් සිහියේ තබාගත යුතු යැයි ද ශාන්ත බණ්ඩාර මහතා කීවේය.
(ඡායාරූපය මනෝජ් හර්ෂික)