ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය රටේ දැවැන්තම දේශපාලන ව්‍යාපාරය හා මෙරට දේශපාලනයේ කොඳු නාරටිය බවට තව වසර දෙක තුනක් ඇතුළතදී පත්කරන බවත්, අද පක්‍ෂයෙන් ඈත් වී සිටින අයට එවිට පක්‍ෂය හා එක්නොවී සිටීමට නොහැකිවනු ඇති බවත් පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
පක්‍ෂයේ බහුතරයක් නායකයින්ගේ මෙන්ම පාක්‍ෂිකයින්ගේ සහාය ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට ලැබෙමින් පවතින බව කී බණ්ඩාර මහතා වෛරී අරමුණු වෙනුවෙන් බිහි කළ පොහොට්ටු පක්‍ෂය අර්බුද මතුවන්නට පටන් ගෙන තිබෙන බවද සඳහන් කළේය.
යුද සමයේ උතුරේ සහ දකුණේ ඇතිවූ තුවාල මෙන්ම ජාත්‍යන්තරයේ ඇති වූ තුවාල සුව කරන්නට පැමිණි විශේෂඥ වෛද්‍යවරයා වූ මෛත‍්‍රීපාල සිරිසේන ජනපති හිටපු රාජ්‍ය නායකයින්, සේනාධිනායකයින් ආරක්‍ෂක ලේකම් හා රණවිරුවන් විදුලි පුටුවෙන් ද බේරාගනිමින් රටේ ජනතාවගේ ගෞරවාදරයට පත්ව සිටින බව ද ඔහු කීය.