‘නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ රදවා සිටින තමා වහා මුදා හරින්නැයි‘ ඉල්ලා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මහතා අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදි .
නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනු කල මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අගමැති, අමාත්‍ය මණ්ඩලය, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති, මැගසින් බන්ධනාගාර අධිකාරි, නීතිපති ඇතුළු 45 ක් නම් කරනු ලැබ සිටිති.
රාජපක්ෂ පවුලට එරෙහිව ගෙන යන පළිගැනීම් යටතේ තමා අත්අඩංගුවට ගෙන ඇති බවත්, දිවි නැගුම වංචාවට තමා සම්බන්ධ නැති බවත් පෙත්සමේ සදහන්වේ. සෞඛ්‍ය හේතු මත පීඩා විදින තමා මෙලෙස නීති විරෝධී ලෙස රිමාන්ඩ් බාරයේ රදවා තැබීමෙන්. මූලික අයිතිය උල්ලංඝනය වන බව ද ඔහු කියා සිටී.

