මහින්ද රාජපක්ෂ තම සහෝදරයාගේ පරාජයේ සම්පූර්ණ වගකීම භාරගනිමින් ඔහුගේ ඡන්ච ව්‍යාපාරයේ ප්‍රධානියා වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රිලනිප ජාතික සංවිධායක ධූරයෙන් අද පෙරවරුවේ ඉල්ලා අස් විය.
මේ පිළිබදව දැනුම් දෙමින් ශ්‍රිලනිප ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා වෙත ලිපියක් යවමින් බැසිල් මහතා ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තමන් ඉදිරියටත් කටයුතු කරන බවයි. බැසිල් දැනට සිටිනුයේ ලොස් ඇන්ජලීස් නුවර ඔහුගේ ගෙදරය.
ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා වෙනුවෙන් පූර්ණ සහාය දුන් ශ්‍රිලනිප ඇතුළු සියළුම සන්ධානයේ හවුල්කාර සහ හිතවත් පක්ෂ නායකයින්, සාමාජිකයින්, ක්‍රියාකාරිකයින් සහ හිතවතුන් වෙත සිය කෘතඥතාවය එම ලිපිය මගින් පලකර ඇති බැසිල් මහතා විශේෂයෙන් සන්ධානයේ නායක මහින්ද රාජපක්ෂ, ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රිලනිප ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යන මහත්වරුන් ඇතුළු සියළුම නිළධාරින්ට තමාට මැතිවරණ ව්‍යාපාරය සංවිධානය කිරිම සඳහා අනගි සහායක් දුන් බව කියා සිටී.
ජනාධිපතිවරණය ඉතා සාධාරණ සහ යුක්තිසහගතව පවත්වා ගැනීමට සහාය දුන් මැතිවරණ කොමසාරිස් ඇතුළු සියළුම රජයේ නිළධාරින්ද පොලිසිය ඇතුළු ආරක්ෂක අංශද ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු රටපුරා සන්ධාන අපේක්ෂකයාට ඡන්දය ලබාදුන් ඡන්දදායකයින් මෙන්ම සංවිධානයට ක්‍රියාකාරිව දායකවූ ජනතා නියෝජිතයන්ද මැතිවරණ නිතිරීති වලට අවනතව කටයුතු කිරීම රටේ සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යෑමට රුකුලක් වූ බවද ඔහු කියයි.

